Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට සහ එම යතුරු පැදිය ලබා දුන් පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කින්නියා පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන්වරයෙක්. කින්නියා  ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා විසින් කින්නියා බුහාරි  හන්දිය ප්‍රදේශයේදී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

අනුර දිසානායක ජනාධිපතිවීමෙන් පසු රුපියල් මිලියන 347,500ක ණය අරන්

Editor O

சாயம் வெளுத்த போலி சமதர்மவாதி வாசுதேவவே பதவி விலக வேண்டும்! – முஜீபுர் றஹ்மான்

Mohamed Dilsad

රැකියා සඳහා බාධාවකින් තොරව පිටත්ව යා හැකියි

Mohamed Dilsad

Leave a Comment