Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

පාලකයන් නිදා ගෙන සිටියහොත් නැවත උතුරේ ත්‍රස්තවාදය නැගී සිටීමේ අවධානමක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම මේ බව කීවේය.

සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මිස IMF වැඩක් නොවන බවත් හමුදාවේ පිරිස් බලය අඩු කිරීමට, උතුරේ හමුදා කඳවුරු හා මුරපොළවල් ඉවත් කිරීමට, වෙල්ලමුල්ලිවයික්කාල් සහ වැල්වත්තේ ජන සංහාර දින සැමරුම්වලට තමන් එකඟ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

අපේක්ෂිත ජාතික ආරක්ෂාව රට තුළ නොමැති අතර මහජන ආරක්ෂාව තුළ මේ වන විට හිඩැසක් මතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් නිර්මාණශීලී දක්ෂ මිනිසුන් ආණ්ඩුව තුළ සිටින්නේ නම් මේ වන විට එහි ප්‍රගතියක් ඇති විය යුතුව තිබූ බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

උතුරේ ඉවත් කරන සියලු කඳවුරු සහ මුරපොළවලින් රටට ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන බවත් ජන සංහාර දින සැමරුම්වලට ඉඩ දීමෙන් නැවතත් ත්‍රස්තවාදී විෂබීජ ඇති වීමේ අවදානමක් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු දෙනා සාමය සඳහා යුද්ද කළේ යැයි ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට එකඟ විය නොහැකි බවත් සාමය සඳහා කිසිවෙකු ශ්‍රී මහා බෝධියට, දළදා මැදුරට පහර නොදෙන බවත් ප්‍රභාකරන් හැසිරුණ විදිහ දන්නා අය එය පිළිනොගන්නා බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

Related posts

தமிழக உள்ளாட்சி தேர்தல் திகதி அறிவிப்பு

Mohamed Dilsad

සමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Editor O

Party Leaders’ to meet AG and Elections Chief on Provincial Council Elections [UPDATE]

Mohamed Dilsad

Leave a Comment