Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු, පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවයි.

පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (28) යළිත් පොලීස්පති දෙශබන්දු තෙන්නකෝන් මහතා පෙනී සිටිමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව ඒ සඳහා අද (28) පස්වරු 2.00ට රැස්වීමට නියමිතව තිබේ.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද (28) දිනයේ ඔහු නිදහසට කරුණු දැක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට පසුගිය (19)වනදා පෙනී තිබුණි.

එහි දී චෝදනා 22ක් සහිත චෝදනා පත්‍රයක් දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් භාර දෙන ලදී. තමන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාලයක්ද ඔහුට ලබා දීමට කමිටුව සඳහන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් එක්ව සිටියහ.

Related posts

நீதிபதிகளை நியமிப்பது தொடர்பான பேரவை …

Mohamed Dilsad

“Import tax on fruits will be increased from July” – President

Mohamed Dilsad

SLFP appoint new Seat and District Organisers, Dayasiri appointed Kurunegala District Leader

Mohamed Dilsad

Leave a Comment