Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා රෝහල්වල වැඩ වර්ජනයක්

දිවයින පුරා රෝහල්වල, අද (27) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට . පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත. ඒ පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට බලධාරීන් දිගින් දිගටම පියවර නොගැනීමට විරෝධය පළ කරමිනි.

බලමණ්ඩලයේ ලේකම් චානක ධර්ම වික්‍රම මහතා පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් වලට අදාළ ගැටලුල සති අන්ත නිවාඩු දින දීමනා වලට අදාළ ගැටලු හා සෙසු කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබූ කාලය මෙන්ම එකඟතාවන් ද ක්‍රියාත්මක නොකිරීම මෙම තීරණයට හේතුව බවය.

‘අපි අද උදෑසන 8.00 සිට අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. මෙය නතර කිරීමේ සංඥාව නිකුත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අපේ සාධාරණ ඉල්ලීම් නොදීමට තවදුරටත් ඒ අයට හැකියාවක් නැහැ. පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත් වනු ඇතැයි විශ්වාසයක් තිබුණත් ඔහු දිගින් දිගටම එය පැහැර හැරියා. දැන් අපට වෘත්තීය ක්‍රියාමාර්ග හැර වෙන කිසිවක් නැහැ’

වර්ජන කාල සීමාවේදී මාතෘ හෘද ළමා ඒකක සහ ජාතික ලේ බැංකුවේ සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පැවසුවේය.

Related posts

தன் கணவரின் பிறந்தநாளுக்கு ப்ரியங்கா இதுவா பரிசாக கொடுத்தார்?

Mohamed Dilsad

මෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්

Editor O

Leave a Comment