දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යෑම් ඇතිවීමේ අවධානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (27) පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි.
