Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

මේ වසරේ අග භාගය වනවිට ශ්‍රී ලංකාව නැවතත් මහා කඩාවැටීමකට පත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි. එජාප සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. “මේ වර්ෂයේ බලන්න සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ආපහු මහා කඩාවැටීමකට ශ්‍රී ලංකාව පත්වෙනවා. ඒකාබද්ධ සියලු විපක්ෂ කණ්ඩායම් සැලසුම් කරමින් ඉන්නවා ඒ වැටෙන රට ගොඩගැනීමටත්. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් පක්ෂ සියල්ලම ඒකාබද්ධව සාකච්ඡා කරමින් තිබෙනවා”

Related posts

US urges President to reconvene Parliament to resolve the political crisis

Mohamed Dilsad

மேல் கொத்மலை நீர்தேகத்தின் நான்கு வான்கதவுகள் திறப்பு

Mohamed Dilsad

யாருடைய கட்டுப்பாட்டில் கொழும்பு பேர்ட் சிட்டி

Mohamed Dilsad

Leave a Comment