Trending Newsඑසැන පුවත්දේශීය

අනුදි දිනවන්න සහයෝගය දෙන්න – පොලිස්පති විසින් රට පුරා පොලිස් ස්ථාන වෙත දන්වයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරඟය සඳහා තරඟ කරන අනුදි ගුණසේකර ලෝක රූ රැජින තරඟයේ ඉදිරියට ගෙනයෑම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා පොලිස්පති කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව, විශේෂ ලිපියක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසියේ සියළුම පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත පොලිස් නිළධාරින්ගේ සහය ලබා ගැනීම තුලින් ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල බලපෑමක් එල්ල කළ හැකි බවට විශ්වාස කරන බවයි.

අනුදි ගුණසේකර යනු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර මහතාගේ දියණිය යැයිද එම ලිපියේ සඳහන්.

Related posts

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

Mohamed Dilsad

இலங்கையின் வேகப்பந்தின் நிலை தொடர்பில் தென்னாபிரிக்காவை கதிகலங்க வைத்த விஷ்வ

Mohamed Dilsad

ජනාධිපතිගේ කතා ඇහුවම හිඟන සුද්දෙක් මිසක් වැදගත් මිනිහෙක් රටට එන්නේ නැහැ – දිලිත් ජයවීර

Editor O

Leave a Comment