Trending Newsඑසැන පුවත්දේශීය

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

පසුගිය ආණ්ඩුව සමයේ කර්මාන්ත රාජ්‍ය ඇමති ලෙස අලිමංකඩ, මන්නාරම ලුණු ලේවායන් පැවතියේ තමන් යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. එම කාලයේ සහ සුද්දා රට පාලනය කළ කාලයේවත් රටේ ලුණු හිඟයක් ඇති නොවුණ බවත් වත්මන් ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය ලුණු ප්‍රමාණයවත් දීමට නොහැකි වී ඇති බව පිළිගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

සුද්දා රට පාලනය කළ යුගයේ ලුණු වෙළඳාමේ යෙදුණු දකුණේ ජනතාව වැලිමඩ නුවරඑළිය බදුල්ල මොනරාගල වැනි පළාත්වල පදිංචි වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එම දුර්වලතා නිවැරදි කරගෙන ඉදිරියට යනු මිස තමන් අල්ලා සිරගත කිරීමෙන් පලක් නොමැති බව ද චාමර සම්පත් මහතා ප්‍රකාශ කළේය.

Related posts

வேலையற்ற பட்டதாரிகள் 20,000 பேருக்கு நியமனம்

Mohamed Dilsad

පක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේ

Editor O

මහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment