Trending Newsඑසැන පුවත්දේශීය

ලුණු කිලෝව රුපියල් 450-500

වෙළඳපළේ මේ වන විට ලුණු හිගය තවදුරටත් ඉහළ යමින් තිබේ. ආනයනික ලුණු තොග මෙරටට ලැබීම තවදුරටත් ප්‍රමාද වීම මත මෙම තත්ත්වය ඇතිවී තිබේ. ඇතැම් ස්ථානවල වෙළඳසැලුණු කිලෝවක පැකට්ටුවක් රුපියල් 450-500 පමණ මිලකට අලෙවි වෙමින් තිබේ.

ලුණු සංස්ථාව සඳහන් කරන්නේ ආනයනික ලුණු තොග වෙළඳපොළට ලැබීමත් සමඟි මෙම තත්ත්වය පහව යනු ඇති බවයි. වෙළඳුන් සඳහන් කරන්නේත් ලුණු වෙළඳපොළට තවදුරටත් නොලැබුණහොත් ඉදිරියේදී ලුණු පැකට්ටුවක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවය.

ඇතිවී තිබෙන ලුණු හිගය මත ලුණු තොග සඟවාගෙන සිටින්නන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ලුණු තොග රාජසන්තක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. කෘතීම ලෙස ලුණු හිගයක් ඇතිකර වැඩි මිලට ලුණු අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවෙමින් ඇති බවද පැමිණිලි ලැබී ඇතැයි අධිකාරිය කියා සිටී.

දැනටත් ලුණු තොග සඟවාගෙන සිටින්නන් හා ඉහළ මිල ගණන්වලට ලුණු අලෙවි කරන්නන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇතැයි ද අධිකාරිය කියයි. මේ අතර වෙළඳුණු සඳහන් කරන්නේ දැනට අලෙවි කිරීමෙන් ඇත්තේ තමන් සතුව ඇති අවසාන ලුණු තොග බවත් නැවත ලුණු තොග කවදා ලැබෙයිදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවය.

Related posts

Showers expected over most provinces

Mohamed Dilsad

மும்பையில் ஸ்ரேயா ரகசிய திருமணம்…

Mohamed Dilsad

Cloudy skies, strong winds, showers to continue

Mohamed Dilsad

Leave a Comment