Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීතීය උල්ලංඝනය කළ අගමැති හරිනිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – මැතිවරණ කොමසාරිස්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවට චෝදනා එල්ලවන අදාළ ප්‍රකාශය ගැටළුවක් වන නමුත් එයට දඬුවම ලෙස ඇගේ තනතුර අහිමි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, අගමැතිවරිය මැතිවරණ නීතිය උල්ලංඝනය කළ බව දැන දැනත් අදාළ ප්‍රකාශයේ විකාශනය කළ මාධ්‍ය ද වගකීම් විරහිත ලෙස ක්‍රියා කර ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙහි ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසු එළඹෙන නිහඬ කාලසීමාව තුළ දේශපාලන වශයෙන් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළ යුතු බවට හරිනි අමරසූරිය විසින් සිදු කරන ලද අදාළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමටද පැමිණිළි ඉදිරිපත් ව ඇති බවත් ඉදිරියේදී අධිකරණය හරහා ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුකරන බවත් සමන් ශ්‍රී රත්නායක මෙහිදී සඳහන් කරයි.

Related posts

Rishad Bathiudeen’s ACMC backs Ranil Wickremesinghe

Mohamed Dilsad

ராஜிதவின் வீட்டில் CID சோதனை நடவடிக்கை [VIDEO]

Mohamed Dilsad

சட்டை ஊசியுடன் கூடிய பணிசை கொள்வனவு செய்த பெண்…

Mohamed Dilsad

Leave a Comment