Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අධික ඉල්ලුමක් : ස්වාධීන මන්ත්‍රීලා දුරකථන ක්‍රියාවිරහිත කර සැඟවිලා….?

පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක බලයක් කිසිවකුට ලබාගත නොහැකි වූ කොළඹ මහනගර සභාවේ පාලන බලය පිහිටුවීම තවදුරටත් අර්බුදයක් බවට පත්වෙමින් තිබේ. එම නගර සභාවට මෙවර මැතිවරණයට තරග කර ජයගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු දුරකථනයන්ට ප්‍රතිචාර නොදැක්වීම මත මෙම තත්වය තවත් උග‍්‍ර කර ඇත.

ඇතැමුන් තම නිවෙස් වල පවා නොමැති බවද දැනගන්නට ඇත. ඔවුන්ට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එන ඇමතුම් සහ ලැබෙන ඉල්ලීම් කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් මත මෙම පියවරයන්ට ගොස් ඇතැයි සැක පළව තිබේ. ඇතැම් වාර්තා පල වන්නේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ට ඉතා ඉහළ ලන්සුවක් ලැබී ඇති බවය. ඇතැමුන් දැනටතමත් එකඟතාවන්ට පැමිණ සැඟව සිටින බවටද ඇතැම් පැවසේ.

Related posts

பாகிஸ்தானுக்கு சுற்றுப்பயணம் மேற்கொள்ளவுள்ள இலங்கை குழாம்

Mohamed Dilsad

Navy discovers arms cache under Gengea Bridge in Muthur

Mohamed Dilsad

Fitch Ratings நிறுவன பொருளாதார மதிப்பீட்டை இலங்கை நிராகரிப்பு

Mohamed Dilsad

Leave a Comment