Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වෙසක් පෝය හේතුවෙන් වසා තබන තැන් මෙන්න

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අළෙවිසැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි .

එම අමාත්‍යාංශය සඳහන් කළේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංශ අළෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වල ද මස් මාංශ අළෙවි කිරීම තහනම් වේ.

Related posts

පොලීසියේ තවත් පිරිසකට ස්ථානමාරු

Editor O

INTELLIGENCE UNITS WILL BE REACTIVATED – GOTABHAYA

Mohamed Dilsad

කොළඹ වායු දූෂණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment