Trending Newsඑසැන පුවත්දේශීය

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියක් අත්අඩංගුවට ගැනීමට සොයයි ; සැකකාරිය ප්‍රදේශයෙන් පළා ගිහින්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේශිකා ප්‍රනාන්දු නැමැත්තියක් වහා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. තරුණයෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකී තැනැත්තිය අත්අඩංගුවට ගන්නා ගැනීමට සොයන බවද පොලීසිය කියයි.

හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා තවත් අයෙක් කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි  විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

Related posts

රජයට ලැබුණු පැසසුම

Mohamed Dilsad

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

උදයම් TV ඩයලොග් TV අංක 135 චැනලය ඔස්සේ නරඹන්න

Mohamed Dilsad

Leave a Comment