Trending Newsඑසැන පුවත්දේශීයවීඩියෝ

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා පවසයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි. ප‍්‍රහාරයට ප‍්‍රතිචාර ලෙස පකිස්ථාන හමුදාව විසින් ඉන්දියාව වෙත කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අයෙකුගේ තත්ත්වය බරපතල වී තිබේ.

පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේ.

Related posts

Youth arrested with fake notes during drug deal

Mohamed Dilsad

මාවුස්සාකැළේ සහ ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Contempt of Court case against Deputy Minister Ranjan to be called on Jan. 22

Mohamed Dilsad

Leave a Comment