Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය සඳහා පොලීසියෙන් 65,000ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ට ආසන්න පිරිසක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද(05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, හදිසි අවස්ථාවක් මතු වුවහොත් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමටද අපේක්ෂා කරන බවයි.

මේ අතර සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජංගම නීරීක්ෂණ රථ 200ක් සහ ස්ථානගත නිරීක්ෂකයින් 2,300ක් ද ඒ වෙනුවෙන් යොදවා ඇති බව බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ඉන්දියානු ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට

Editor O

Janashakthi records Double Digit Growth in Premiums in Q1 2017

Mohamed Dilsad

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ නිවසින් බැහැරව යා හැක්කේ මෙලෙසයි

Mohamed Dilsad

Leave a Comment