Trending Newsඑසැන පුවත්දේශීය

මෙවර මනාප නැහැ. දේශපාලන පක්ෂය : ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය සලකුණු කිරීම ප්‍රමාණවත්

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිදු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීවේය.

මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය.

Related posts

Sky diver injured during Independence Day rehearsals: report

Mohamed Dilsad

Court of Appeal issues Stay Order against arresting Gotabhaya Rajapaksa

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේදී මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment