Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය දා අලුයම උල්කාපාත වර්ෂාවක්

ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව හෙට (06) දින අලුයම 3.00ට නැගෙනහිර ක්ෂිතිජයේ කුම්භ තාරකා රාශිය අසළ බැලීමෙන් නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥයින් සඳහන් කරයි.

පැහැදිලි සහ අඩු ආලෝක දූෂණයක් සහිත රාත්‍රී අහසක් ඇති ප්‍රදේශවලට පැයකට උල්කා 40-85 අතර ප්‍රමාණයක් මෙහිද නිරීක්ෂණය වේ. එමෙන්ම හෙට දින අලුයම 4.00න් පසු උල්කාපාත වර්ෂාව ආසන්නයේ සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා මීන තාරකා රාශියේ දිස්වනු ඇති අතර ඒවාද නිරීක්ෂණය කිරීමට හැකි බවද සඳහන්.

පෘතුවිය හේලිගේ වල්ගා තරුවේ සුන්බුන් හරහා ගමන් කරන විට වල්ගා තරුවේ කොටස් පෘථිවියේ වායුගෝලය සමඟ ගැටී මෙම දර්ශනීය ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණයවේ.

Related posts

කොරෝනා මරණ තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Rains expected in several areas today

Mohamed Dilsad

லொறி- முச்சக்கர வண்டி நேருக்கு நேர் மோதி விபத்து-விபத்தில் ஒருவர் பலி

Mohamed Dilsad

Leave a Comment