ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැඳවා තිබේ. දින 91 න් කල් පිරෙන රුපියල් බිලියන 20ක්, දින 182 න් කල් පිරෙන රුපියල් බිලියන 60ක්, දින 364 න් කල් පිරෙන රුපියල් බිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙයි.
පසුගිය අප්‍රේල් 29 වැනිදාද මහ බැංකුව බිලියන 145ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කර තිබින.
