Trending Newsඑසැන පුවත්දේශීය

නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය කළොත් දැඩි දඬුවම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක නොයෙදෙන ලෙස අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශව වෙත දැනුම් දෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පළාත් පාලන ආයතන 339ක් සදහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීම අනිද්දා පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිත අතර ඡන්ද දායකයින්  17,156,338  දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඡන්දය සදහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589 ක් බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමග අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නිහඩ කාල සීමාව තුළ යම්කිසි අයෙකු නීතීවිරෝධීව පෝස්ටර්, බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරන බවය. 

එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පොලිස් නිළධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සදහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆ්රල් සංවිධානය තීරණය කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා අදාළ නිරීක්ෂකයින් යෙදවීමට නියමිත බවය

Related posts

Joint Opposition lodges complaint against Minister Kabir Hashim

Mohamed Dilsad

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

Mohamed Dilsad

දිනකට අට දෙනෙකුට ජීවිතය එපාවෙයි..?

Editor O

Leave a Comment