Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ත්‍රස්ත බියක්..?

කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරෙන ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසියක් සිදුකර තිබුණි. මෙලෙස පරික්ෂාවට ලක්කොට ඇත්තේ චෙන්නායි සිට පැමිණි ගුවන්යානයකි.

ඉන්දියාවේ ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දියාව සහ පකිස්තානය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් මේ වන විට දැල්වෙමින් පවතී. ඉන්දියාව චෝදනා කරනුයේ ත්‍රස්ත ප්‍රහාරයට පකිස්තානය සෘජුවම සම්බන්ධ බවය.  ඒ් අතර පෙහෙල්ගාම් ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය රජය දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.

ප්‍රහාරයේ සැකකරුවන් සොයා පුද්ගලයින් රැසක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණ ද  සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවට ඉන්දිය මාධ්‍ය ඊයේ වාර්තා කළේය. මෙවන් පසුබිමක පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් 06 දෙනෙකු මෙරටට පැමිණි බවට ලැබුණු තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එලෙස පරික්ෂා කර ඇත්තේ චෙන්නායි සිට පැමිණි යූ.එල් 122 අංකය දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබුණි. ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් එම ගුවන්යානයෙන් පැමිණි බවට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට තොරතුරක් ලැබී ඇත්තේ චෙන්නායි ගුවන් පාලන බලධාරීන්ගෙන් බව වාර්තා වේ.

මෙම ගුවන් යානය චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ නැවත සිංගප්පූරුව දක්වා යන ගුවන් යානයක් බව මෙරට ගුවන් හමුදා බලධාරීන් පැවසුවේය. අදාළ බළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත ගුවන් හමුදාව සහ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් ද පැමිණි යානය සෝදිසි කළ නමුත් යානයේ බෝම්බ හෝ සැකකටයුතු කිසිවක් නොතිබුණ බවය.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලැබුණු තොරතුර අනුව අදාළ යානය පරීක්ෂා කළද එම යානයෙන් කිසිදු සැකකටයුතු අයෙක් දිවයිනට පැමිණ ඇතැයි තොරතුරු ලැබී නැති බවය

Related posts

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්

Editor O

ඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයි

Editor O

Leave a Comment