Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයි

ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

“බෙදුම්කරුවන්ට යම් කොමිස් මුදලක් ලබාදීමට තෙල් සංස්ථාව යම් සූත්‍රයක් නිර්මාණය කළාම, ඒකට එරෙහිව තමා මේ වැඩ වර්ජනය පැන නැගුණේ. බෙදුම්කරුවන් සමඟ අද (04) උදෑසන සාකච්ඡාවක් පැවැත්වූවා. දැන් ඒ සාකච්ඡාව අවසන්. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්න එකඟතාවකට ඇවිත් තියෙනවා. ඒ අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් බෙදුම්කරුවන්ට තමන්ගේ කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍ය කාලයක් තියෙනවා. තෙල් සංස්ථාව හඳුන්වා දෙන සූත්‍රය ක්‍රියාත්මක කරන අතරේ එම කරුණු සාකච්ඡා කිරීම සඳහා 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් දාගෙන තියෙනවා.”

Related posts

கண்டி – கலஹா சம்பவம் தொடர்பில் விசாரணை மேற்கொள்ளுமாறு அமைச்சர் ராஜித

Mohamed Dilsad

இலங்கையின் சுகாதாரத் துறைக்கு பில் கேட்ஸ் பாராட்டு

Mohamed Dilsad

British national barred from leaving Sri Lanka after wife died on honeymoon from ‘Food poisoning’

Mohamed Dilsad

Leave a Comment