Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදී, අල්ලස් ගත් දුම්රිය සේවකයෙක් අත්අඩංගුවට

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් රු. 1500ක අල්ලසක් ගනිත්දී අත්අඩංගුවට ගෙන තිබේ. එම දුම්රිය සේවකයා ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නෙක් බවද සඳහන්.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ඉකුත් අප්‍රේල් 28වනදා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත මෙම පුද්ගලයා සිය භාරයට ගෙන තිබිණ, ඒ අනුව එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. .

කෙසේ නමුත් ඊයේ (02) දින ඔහු එම මුදල රුපියල් 1,500ක් දක්වා අඩුකර අල්ලස් ලෙස ලබාගැනීමේ දී අත්අඩංගුවට පත්ව තිබිණ. ඔහු පෙ.ව.10.50ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

இந்தோனேசியாவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment