දේශීය

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් කිහිපදෙනෙක් ගෙන තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ඔවුන් අද (19) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් එක් සැකකරුවෙක් ජුලි දෙවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර තවත් සැකකරුවන් තිදෙනෙක් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුනි.

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට බදාදා (17) සවස ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුද වලින් පහර දුන් අතර පසුව ඔහු රෝහල් ගත කළේය.

Related posts

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment