Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ වරාය ලෙස ඉතිහාසයට එක් වෙයි.

දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ ආදායමට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අදහස් පළවී ඇත.

එයට අමතරව, ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ’

Related posts

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන ලෝක බැංකුවේ නවතම විශ්ලේෂණය මෙන්න

Mohamed Dilsad

Air Force Commander urges the public to maintain calm

Mohamed Dilsad

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment