Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුලදී ඩෑන් ප්‍රියසාද් යන අයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් යන අය කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී 2025.04.22 වන දින රාත්‍රී කාලයේ මිය යන ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබූ අතර 2025.04.24 වන දින සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත වැටලීමක් සිදුකර 2025.05.02 වන අද දින සවස් කාලයේ කුරුඳුවත්තපොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදුකල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 52 ක් වන වෑබඩ උතුර, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ඉහත මරණකරුගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Related posts

நாட்டின் அபிவிருத்தி செயற்பாடுகளும் பொதுமக்களுக்கான சேவைகளும் தடைப்படக் கூடாது

Mohamed Dilsad

ப்ரியன்ஜித் விதாரண பதவி விலகினார்

Mohamed Dilsad

உள்ளுராட்சி தேர்தல் வர்த்தமானிக்கு எதிரான மனு தொடர்பில் பைசர் முஸ்தபா கருத்து

Mohamed Dilsad

Leave a Comment