Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය හේතුවෙන් මැයි 05-06 සහ 07 දින තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරන බව දැනුම්දීමක්.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05, 06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බවය.

මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

Related posts

US military to cancel USD 300 million Pakistan aid

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනම කරන්නයි උපදෙස්

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, “කුඩු” විදුහල්පති සැමියා ට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment