Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය සලකුණු කරන විදිය ගැන පැහැදිලි කිරීමක්

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය සලකුණු කිරීමේ දී ඡන්දදායකයන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ් සෑම ඡන්දදායකුටම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දිය හැකියි. තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ සලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ X ලකුණ යෙදිය යුතුයි.

ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසියම්  සලකුණක් හෝ වෙනත් යම් දෙයක් ලිවීමක් තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වීමට හේතු වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් දැනුම්දුන්නා.  මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලය හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් ආරම්හ වේ.

මෙම කාලසීමාව තුළ කිසිඳු ප්‍රචාරක කටයුත්තක්, කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වීම සහ අගතියට පත් වන ආකාරයේ කිසිඳු වැඩසටහනක් විකාශනය කිරීම ඇතුළු වෙනත් ක්‍රියාවක් කිරීම නීතියෙන් තහනම් බව ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

Editor O

USD 5.5 million from US for demining in 2018

Mohamed Dilsad

கம்மூரி சூறாவளி – 2 இலட்சம் பேர் பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment