Trending Newsඑසැන පුවත්දේශීය

”මැතිවරණය” පාසල් විෂය මාලාවට

පාසල් විෂය නිර්දේශයට මැතිවරණ පිළිබඳ හැදෑරීම් එක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඊයේ (29) ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය හා මැතිවරණ කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කළේය.

අට ශ්‍රේණියේ පාසල් විෂය මාලාවට එබඳු හැදෑරීම් එක් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බව ‘ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාව සහ පළාත් පාලන මැතිවරණයට ඉන් ඇති වන බලපෑම’ නමින් පැවති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට දේශපාලන සාක්ෂරතාව පිළිබඳ අවම මට්ටමක සිටීම හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ඒ පිළිබඳ දැනුම ලබා දීම අනිවාර්ය බව හෙතෙම අවධාරණය කළේය. විධිමත් අධ්‍යාපනය තුළ පුරවැසි අයිතීන් සහ වගකීම් පිළිබඳ බර තැබීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඔහු කියා සිටියේය.

Related posts

Ministers called up by the President: Cabinet reshuffle?

Mohamed Dilsad

சிறுபான்மை சமூகத்தின் எதிர்கால இருப்பை நிர்ணயிக்கும் தருணம் இது  – ரிஷாட்

Mohamed Dilsad

இலங்கை- பிலிப்பைன்ஸிற்கும் இடையில் 5 உடன்படிக்கைகள் கைச்சாத்து

Mohamed Dilsad

Leave a Comment