Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තීරුබදු ගැටළුව ගැන ඇමරිකාව සමග එකඟත්වයකට පැමිණීමට සාකච්ඡා කරනවා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම

තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් සියයක් පමණ ඉලක්ක කරමින් විදෙස් ආනයන මත පනවා ඇති තීරුබදු ඉහළ නැංවීමට පසුගිය අප්‍රේල් දෙවැනිදා පියවර ගත්තේය.

ඒ සමග අමෙරිකාව සමග පවතින වෙළෙඳ හිඟය මත පදනම්ව ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවූ අතර, පසුව තීරුබදු දින 90ක කාලයක් සඳහා එය අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය.

Related posts

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

Mohamed Dilsad

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

යාපනය නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment