Trending Newsඑසැන පුවත්දේශීය

සියලු දේශපාලන පක්ෂ එකඟව ගත් තීරණයක් මාලිමාව කඩලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සියලු දේශපාලන පක්ෂ ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට භාවිත නොකිරීමට එකඟ වී තිබියදී, ජාතික ජන බලවේගය එම පිටියේ මැයි රැලිය පැවැත්වීමෙන් එකඟතාව කඩ කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එජාපය මෙවර මැයි රැලියක් නොපවත්වා, කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාල්ල, උළුවිටිකේ එජාප දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන එජාප අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදී ඔහු මේ බව පැවසීය. “ආණ්ඩුව මැයි සැමරුම ගාලුමුවදොර පිටියේදී පවත්වනවා. දේශපාලන කටයුතුවලට එම පිටිය යොදා නොගන්නා බවට සියලු පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාව කඩ කරනවා. මේ ප්‍රතිපත්තිය කුමක්ද? විශාල රැස්වීමකින් අපට ප්‍රයෝජනයක් නැහැ. ඡන්දයට පෙර අවසන් නිවාඩු දිනය මැයි පළමුවන දා. එදා ගම් හිස් කරලා සියලු පාක්ෂිකයන් එතැනට ගෙනියනවාද, නැත්නම් ගමේ ඉන්නවාද? අපි ගමේ ඉන්න තීරණය කළා.” 

Related posts

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

Mohamed Dilsad

விசாகப்பட்டிணத்திற்கான விமான சேவைகள் அதிகரிப்பு

Mohamed Dilsad

Two more police officers arrested over Rathgama murders remanded

Mohamed Dilsad

Leave a Comment