Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල වැඩිකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළව සිව් වෙනි සමාලෝචනය සමාප්ත කරමින් IMF මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් ගත වුණා. ඒ අනුව, IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

මේ සම්බන්ධයෙන් දැනුම් දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි එවාන් පැපාජෝර්ජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැත්වින. එවාන් පැපාජෝර්ජියෝ මහතා එහිදී සදහන් කලේ මුල්‍ය අවදානම අවම කිරීම සදහා ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් නැවත ස්ථාපිත කළ යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පුර්ණ කිරීම සදහා එය අත්‍යවශ්‍ය බවද ඔහු පැවසුවා. විදුලි බිල ඉහළ යාම යනු ශ්‍රී ලංකාවේ කලක පටන් පවතින ගැටළුවක් බවත් අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හා ඉන් ප්‍රගතියක් අත්පත් කර ගැනීමට රාජ්‍ය කැපවී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදුලි බල මණ්ඩලය මුල්‍ය අලාභයන් හා ණය ගොඩ ගැසීම් අවම කිරීමට කටයුතු කල යුතු බවත් එවාන් පැපාජෝර්ජියෝ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

வெளிவந்த செய்தி உண்மை இல்லை

Mohamed Dilsad

Sri Lanka immigrant stabbed to death in UK; Suspect arrested

Mohamed Dilsad

Imad Wasim to marry this month

Mohamed Dilsad

Leave a Comment