Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ අය තරගෙට බොරු කියනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

බලය ලබා ගැනීමෙන් පසුවද, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම බෝරු සමාජගත කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුවට ඇත්තේ බොරු ප්‍රකාශ කරමින් සිටීම නොව, වැඩ කිරීමට කටයුතු කිරීම බව ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

අවුරුද්දට සුබපතා කෙටි පණිවිඩ නොයැවීම නිසා රුපියල් මිලියන 98 ක් ඉතුරු වූ බවට ආණ්ඩුව නියෝජනය කරන කොට්ටහච්චි මන්ත්‍රීවරිය පැවසුවද, හිටපු ජනාධිපතිවරුන් එම කෙටි පණිවිඩය සඳහා රජයේ මුදල් වියදම් කර නොමැති බවද, එය නොමිලේ යැවූ කෙටි පණිවිඩයක් බවද ඔහු පැවසුවා.

ආණ්ඩුව ප්‍රකාශ කරන බොරුවල හැටියට ඉදිරියට කිරීමට සිදුවන්නේ සතියේ බොරුව, දවසේ බොරුව, පැයේ බොරුව තෝරා හොඳම බොරුව තේරීමේ තරගයක් පැවැත්වීම බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Range Bandara alleges coup attempt, efforts to appoint new PM

Mohamed Dilsad

Showery condition is expected to continue in next few days

Mohamed Dilsad

Leave a Comment