Trending Newsඑසැන පුවත්දේශීය

කොටි ඩයස්පෝරාවට, පිල්ලෙයන් බිළි දී, දෙමළ ඡන්ද ගන්න, ආණ්ඩුව තුට්ටු දෙකේ දේශපාලනය තෝරගෙන – රාජිත සේනාරත්න

වේළුපිල්ලේ ප්‍රභාකරන් රෝහණ විජේවීර මෙන් සැඟව සිටින අතර උතුරේ සියලු සටන් සඳහා නායකත්වය ලබා දුන්නේ කරුණා අම්මාන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කරුණා අම්මාන් කැඩී යාමත් සමග කොටි හමුදා බලයෙන් 3/4ක් පමණ අහිමි වූ අතර කරුණාගේ සහය නොලැබෙන්නට කිසිදු අවස්ථාවක නැවත තොප්පිගල ඇතුළු නැගෙනහිර හමුදාවට අත්පත් කර ගත නොහැකි වන බවයි.

ඉන්දියානු හමුදාව තොප්පිගල වනය තුළට යෑමට පවා බිය වූ බවත් විජේතුංග ජනාධිපති සමයේ නැගෙනහිර නැවත අත්පත් කරගත්ත ද තොප්පිගල ඇල්ලීමට නොහැකි වූ බව රාජිත සේනාරත්න සඳහන් කරයි. තොප්පිගල අත්පත් කර ගැනීම සඳහා හමුදාවට සියලු තොරතුරු ලබා දුන්නේ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් බවත් එසේ නොවන්නට කිසිදා එය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

දකුණේ රජය සිය අනාගත ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි සිතමින් කොටි සංවිධානයට එරෙහි වූ කරුණා සහ පිල්ලෙයාන් අද උතුරේ දෙමළ ඩයස්පෝරාව මගින් දෙමළ ඡන්ද ටික ලබා ගැනීමට බිලි දෙමින් ඇතැයි ද රාජිත සේනාරත්න චෝදනා කරයි. දෙමළ ඩයස්පෝරාව ප්‍රභාකරන් අහිමි වීමේ පළිය ගැනීමට බලා සිටින බවත් ඔවුන් සතුටු වන්නේ කරුණා සහ පිල්ලෙයාන් මරාගත් දවසට බවත් ආණ්ඩුව ඉටු කරන්නේ එය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. අද පිල්ලෙයාන්ලා දකුණත් කොටි සංවිධානයත් දෙකම අහිමි තැනට පත්ව ඇති බවත් මේ දකුණේ තුට්ටු දෙකේ දේශපාලනය නිසා ඇති වූ ඓතිහාසික ඛේදවාචකයක් බවත් රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

Related posts

තීරණ රැසක් ගැනීමට අද විශේෂ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක්

Mohamed Dilsad

Search for Greece wildfire survivors

Mohamed Dilsad

Leave a Comment