Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුව අමතයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දේශනයක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත. 2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ. ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Related posts

සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ஒரு கிலோ பெரிய வெங்காயத்தை 80 ரூபாவுக்கு கொள்வனவு செய்ய நடவடிக்கை

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.

Editor O

Leave a Comment