Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වන බවත් ඔවුන් සිය වාසියට හේතුවන ආකාරයට මැතිවරණ පවත්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා තිබෙනවා.

පසුගියදා (16) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජපක්ෂලා ගමන් ගත් මාර්ගයේම නව ආණ්ඩුව ගමන් කරන බව මේ වන විට පෙනී යන බවයි.

“ මීට පෙර රාජපක්ෂලා සිදුකළෙත් මේ දේම තමයි. රාජපක්ෂලා බලයේ සිටින කාලයේ මැතිවරණ කඩින් කඩ පවත්වන්න කටයුතු කළා. ඔවුන්ට වාසි වන ආකාරයට මැතිවරණ තිබ්බා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට භාණ්ඩ බෙදුවා. රාජපක්ෂලාට ඡන්දය දෙන්න නැතිනම් රට සංවර්ධනය වෙන්නේ නෑ කියන කතාවත් ඔවුන් ප්‍රකාශ කළා. රාජපක්ෂලා ගිය මාර්ගයේම මේ රජය යන බව පෙනෙන්න තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය නැති කාලයේ ජනතාවට ඡන්දය දාන්න ඉඩ දුන්නේ නෑ.”

ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා පසුගියදා ලංකාවට පැමිණ ලංකා රජය සහ ඉන්දියානු රජය සමඟ ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව යම් යම් ආන්දෝලනාත්මක කතා රටේ පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම් 7 තුළ අඩංගු කරුණු කාරණා පිළිබඳව කිසිවෙක් දැනුවත් නෑ. ඒ වගේම මේ ගිවිසුම් සියල්ල දැක්කා කියා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක්වත් තවම ප්‍රකාශයක් කර නෑ. විදේශ ඇමැතිවරයා ගිවිසුම් අත්සන් කළ බවට ප්‍රකාශයක් කළත් වෙනත් කිසිම කැබිනට් ඇමැතිවරයෙක් ගිවිසුම් පිළිබඳව සෘජු ප්‍රකාශයක් කළේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා කියනවා ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා මේ කියන්නේ අමූලික බොරුවක්. ගිවිසුම් අත්සන් කළාට පසුව දින තුනක් පාර්ලිමේන්තුව පැවැත්වුවා. නමුත් ඒ කිසිම දවසක කිසිම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තරගෙට බොරු කියන්න පටන් අරන්. මෙහෙම ජනතාවට බොරු කිය කිය කොහොමද ආණ්ඩුවක් කරන්නේ.”

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

Navy renders assistance to a multi-day fishing trawler in distress

Mohamed Dilsad

பாரிய ஊழல் மோசடி விசாரணை ஆணைக்குழுவின் அறிக்கை இன்று ஜனாதிபதியிடம்

Mohamed Dilsad

Leave a Comment