Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාව ලබන සඳුදා රැස්වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා රැස්වීමට නියමිතයි. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‌යාලයේදීයි.

මේ අතර, පළාත් පාලන ආයතනවලට ලබාදෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට එරෙහිව දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ඊයේ (18) මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා.

එමෙන්ම, අස්වැසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයකට එරෙහිවද එක්සත් ජන රජ පෙරමුණ ද ඊයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාර දුන්නා. මේ අතර බදුල්ල පාපන්දු ක්‍රීඩාංගනයේ ඊයේ සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයකට සහභාගී වී සිටි මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් පිරිසක් ඉන් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් කටයුතු කරනු ලැබුවා. මෙම අවුරුදු උත්සවය සදහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් සමග ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිට තිබෙනවා

Related posts

ஹெரோயினுடன் ஒருவர் கைது…

Mohamed Dilsad

சல்மானுக்கு பதிலாக நஸீர்

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment