Trending Newsඑසැන පුවත්දේශීය

දළදා වන්දනාවේ පෝලිම කිලෝමීටර් 08ක් ඉක්මවයි.

දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ (18) රාත්‍රිය සිට දිගු පෝළිම්වල රැඳී සිටින බවද වාර්තා වේ. ඊයේ දිනයේදී මහනුවර නගරයට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක්  පැමිණීම හේතුවෙන් කලින් සැලසුම් කළ ඇතැම් කටයුතු වෙනස් කිරීමට සිදු වූ බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මාධ්‍යට පවසා ඇත.

දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සැලසූ පහසුකම්වලට අමතරව ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම මුස්ලිම් දේවාස්ථානද සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කළ බව මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වී තිබේ.  එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් ඇතැයි පැවසේ.

පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බවද වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ඉවතට

Mohamed Dilsad

SLC issues ultimatum to Mumbai Indians mentor Lasith Malinga

Mohamed Dilsad

Kohli focused on Pakistan after washout

Mohamed Dilsad

Leave a Comment