Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නෑ- පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

පටු දේශපාලන අරමුණු සහ ප්‍රතිගාමී ප්‍රවනතාවලින් ඔබ්බට ගොස් සියලුදෙනා එකට එක්ව රටක් ලෙස යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි මෙසේද දැක්වෙයි.

“දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැළකෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර නැවත උත්ථානය වීම සිහිකරමින් ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මෙන්ම මෙරට සිටින කිතුනු බැතිමතුන් ද පාස්කු දිනය උත්කර්ෂයෙන් සමරනු ලබයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍ය සන්තානයේ ඇති අන්ධකාරය දුරුකර නව බලාපොරොත්තුවක් ගෙන දෙමින් මිනිස් ජීවිත පරිවර්තනය කිරීමට ඇති හැකියාව පෙන්වා දීම මෙහි සුවිශේෂත්වය ලෙස සැලකිය හැකිය.

නමුත් 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ පාස්කු දින දා මෙරට කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිදු වූ ඒ අමානුෂික මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා අදටත් අප රටේ කතෝලික බැතිමතුන් සිටින්නේ දැඩි කණස්සල්ලෙනි. එම ප්‍රහාරයෙන් පසු එය දඩමීමා කර ගෙන දේශපාලන බලය ලබාගත් ඇතැම් දේශපාලන පක්ෂ තුළින් මෙන්ම වත්මන් රජය යටතේ ද මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට නොහැකි වීම නිසා වසර 6ක් ගත වූවත් එම ප්‍රහාරයෙන් මියගිය, අත්පා අහිමි වූ, ඥාති සහෝදර හිතමිත්‍රදීන් අහිමි වූ ජනතාවට තවමත් යුක්තිය ඉටු වී නොමැති බව පෙනී යයි.

මැතිවරණ සමයේ විවිධ පාර්ශ්ව මොවුන්ට අහිමි වූ යුක්තිය ලබාදෙන බවට දේශපාලන වේදිකාවල කෑමොර දුන්නත් බලය ලබාගත් පසු කිසිදු පාලකයෙක්ට මොවුන්ට හිමි යුක්තිය ලබා දීමට වුවමනාවක් නොවූ බව අදටත් ප්‍රත්‍යක්ෂ කරුණකි. එබැවින් වහසි බස්, සම්ප්‍රප්පලාප නොකියා මෙම ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට යුක්තිය හිමිකර දීමට සියලු දෙනා කටයුතු කළ යුතුය.

පටු දේශපාලන අරමුණු සහ ප්‍රතිගාමී ප්‍රවණතාවලින් ඔබ්බට ගොස් සියලු දෙනා එකට එක්ව රටක් ලෙස යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ද අවසාන වශයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

Related posts

dengue: Over 29,000 cases reported island-wide

Mohamed Dilsad

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

Editor O

வெலே சுதாவுக்கு எதிரன வழக்கு பிற்போடப்பட்டது

Mohamed Dilsad

Leave a Comment