Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය ගැන ජනතා උනන්දුව අවමයි – පැෆරල් සංවිධානය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත පැෆ්රල් සංවිධානය පවසයි.

කෙසේවෙතත් රාජ්‍ය දේපොළ අවභාවිතය සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද එම සංවිධානය පැවසීය. රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 20ක් සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි 15ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින් උනන්දුව ද අඩු මට්ටමක පවතින බව තම නිරීක්ෂකයින් දැනුම්දී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද දෙරණ සමග පැවසීය.

මේ අතර පළාත් පලාන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 4000ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබේ. තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා ද නිරීක්ෂකයින් 200ක් යොදවන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

நில்வலா கங்கையின் நீர்மட்டம் அதிகரிப்பு

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

Mohamed Dilsad

Rupee hits record low for 12th session

Mohamed Dilsad

Leave a Comment