Trending Newsඑසැන පුවත්දේශීය

පිල්ලෙයාන් හමුවූයේ ඇයි…? නීතීඥ උදය ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ගම්මන්පිළ මෙසේ ද කීවේය.

“මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. 
මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. 

මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. 

නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන…..

… පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා….”

එම මාධ්‍ය හමුව පහතින්

Related posts

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

50 விக்கெட்டுக்களை வீழ்த்தி பும்ரா சாதனை

Mohamed Dilsad

සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment