Trending Newsඑසැන පුවත්දේශීය

අනුර දිසානායක ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හංගලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

වර්තමාන ආණ්ඩුව, ඉන්දියාව සමග එළඹ ඇති ආරක්ෂක ගිවිසුම හැකි නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි තමන් අභියෝග කරන බව සර්වජන බලය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මත දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව පසුගිය දවස්වල මෝදි එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කළා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා ආණ්ඩුව, බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් ආණ්ඩුවක් මේ විදියට කරලා නෑ.

යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන ආණ්ඩුවට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඔව් අපි අත්සන් කළා ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ කියන්න. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ

Related posts

239 பேருடன் மாயமான மலேசிய விமானம் தேடும் பணியை கைவிட்டது

Mohamed Dilsad

පැහැරගත්තා කියන වැලිගම මන්ත‍්‍රීලා කැමැත්තෙන්ම ඇවිත් වාහනේට නැග්ගා.. මටත් අත වැනුවා..- ඇසින් දුටු අයෙක් සාක්‍ෂි දෙයි..

Editor O

உண்மையான அரசியல்வாதிகள் யார் என்பதை மக்கள் தற்போது புரிந்து கொண்டுள்ளனர்

Mohamed Dilsad

Leave a Comment