Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම අද (11) බැංකු ගිණුම්වලට

අස්වැසුම දීමනාව අද (11) සිට එම ප්‍රතිලාභීන්ට සිය බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජයරත්න මහතා පැවසුවේ.  ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් දා හත් ලක්ෂ 37,141 දෙනෙකුට මෙන්ම එම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන් ලක්ෂ 80,944 දෙනෙකුට සිය අප්‍රේල් මස දීමනාව ලබා ගත හැකි බවයි.

ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 15යි දශම 5යි 3ක් වේ. අප්‍රේල් මාසයේ සිට වැඩිහිටියන් සඳහා ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ දැමුණි. ඒ අනුව එලෙස වැඩිකරන ලද දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට මෙම මාසයේ සිට ගෙවීමට කටයුතු කර ඇත.

Related posts

அமெரிக்காவுடன் வர்த்தக ஒப்பந்தத்தை ஏற்படுத்த விரும்புகிறோம்

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

Minister Rishad Bathiudeen wins Global Leadership Award in Malaysia

Mohamed Dilsad

Leave a Comment