Trending Newsඑසැන පුවත්දේශීය

මෙතෙක් ක්‍රියාත්මක නොවූ කාරක සභා නිදේශ, ක්‍රියාත්මක කරන්න මාසයක්

පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කරන ලදී.

මෙම තීරණය ගනු ලැබුවේ එම කාරක සභාව ඊයේ (09) එහි සභාපති ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. තවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF), යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී .

ඒ අනුව, මෙම ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත්, මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකිනම් ඊට හේතු කාරණා, ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමට ද තීරණය කෙරිණි.

මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේ

Mohamed Dilsad

Mitch Parkinson dazzles at So Sri Lanka Pro QS3,000

Mohamed Dilsad

Inspired by Lanka terror mastermind, man plotted suicide attack in Kerala

Mohamed Dilsad

Leave a Comment