Trending Newsඑසැන පුවත්දේශීය

මාස 06කට පසු ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 300 ඉක්මවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2‍ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

Related posts

தபால்மூல வாக்களிப்பு – இன்று இறுதி சந்தர்ப்பம்

Mohamed Dilsad

ජනතාවට හොඳම දේ අඩුම මිලට ලබාදීමට සතොස ජාලය පුළුල් කරන බව සතොස ප්‍රධාන විධායක නිලධාරී

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: INTERPOL deploys team to Sri Lanka

Mohamed Dilsad

Leave a Comment