Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් ඉවන් පැපගෙර්ජීයූ පත්කර තිබේ. මෙතෙක් කලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළ පීටර් බෘෘවර් සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟ මෙම පත්කිරීම කර ඇත.

ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 – 2023 වකවානුවේ දී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වීමට පියවර ගත් අවස්ථාවේ දී අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් මැදිහත් වූයේ පීටර් බෘෘවර් ය.

අදියර වශයෙන් ක්‍රියාත්මක වූ එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පසුගිය සමාලෝචන තුන අධීක්ෂණය කිරීමට නායකත්වය ලබාදීමට බෘෘවර් කටයුතු කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් වැඩ භාර ගත් ඉවන් පැපගෙර්ජීයූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙකි.

Related posts

பள்ளிவாசலை உடைக்க வேண்டிய தேவை எழுந்தது ஏன்?

Mohamed Dilsad

President rejects No-Confidence Motion against Mahinda Rajapaksa, Cabinet

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකුට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment