Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දින කැඳවා තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.

Related posts

දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ஜூம்ஆவுக்கான விசேட லீவு வசதியை கண்டிப்பாக அமுல்செய்ய நடவடிக்கை அமைச்சர் ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

Sasikala Returns Home, Likely To Surrender In Bengaluru Today

Mohamed Dilsad

Leave a Comment