Trending Newsඑසැන පුවත්දේශීය

ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගත් ඉන්දියානු අගමැතිවරයා, දෙදින සංචාරය නිම කර පිටව යයි.

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව  අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය.

උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආරාධනය පරිදි ඉන්දීයානු අග්‍රාමාත්‍යවරයා මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව තිබුණි.

අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය 

මේ අතර ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) දහවල් දිවයිනෙන් පිටව ගියේය.සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවය.

එමෙන්ම මෙම සංචාරය ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති බවත් එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

Related posts

Bruce Willis to lead MoviePass’ “10 Minutes Gone”

Mohamed Dilsad

Trump invites Putin to visit US

Mohamed Dilsad

Five illegal immigrants and 2 human smugglers held in Northern seas

Mohamed Dilsad

Leave a Comment