Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන 250 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ලක්ෂ 7 ක්. මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07 වැනිදා නිකුත් කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළා. පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකි වනවා.

Related posts

200 ஆண்டு பழமையான தேசிய அருங்காட்சியகத்தில் பயங்கர தீ விபத்து

Mohamed Dilsad

කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවර

Editor O

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment