Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන 250 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ලක්ෂ 7 ක්. මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07 වැනිදා නිකුත් කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළා. පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකි වනවා.

Related posts

අලුත් අවුරුද්දට ගමේ යන්න, බස් සහ දුම්රිය අමතර ගමන් වාර

Editor O

කල් ඉකුත්වූ රියදුරු බලපත් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

பல்வேறு இன்னல்களுக்கு உள்ளான 122 இலங்கை பெண்கள் நாடு திரும்பினர்

Mohamed Dilsad

Leave a Comment