Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබෙනවා. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ මහතායි.

රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදා ය. ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය. ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළේය.

Related posts

Shantha Bandara resigns as National List MP

Mohamed Dilsad

“Bond 25” script still rumoured to be in flux

Mohamed Dilsad

Android creator Andy Rubin launches Essential Phone

Mohamed Dilsad

Leave a Comment